hit counter

2025 අගෝස්‍තු මස 23 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:09



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය විසින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කර තිබුණා.

එහිදී ඇය විසින් අත්අඩංගුවට පත් රනිල් වික්‍රමසිංහ මහතාට වර්තමාන ආණ්ඩුව මෙතරම් බිය වීමට හේතුව කුමක්ද යන ගැටලුව මතු කරමින් විමසා සිටියේ යම් ලෙසකින් රජයේ මුදල් අවභාවිතා කර ඇත්නම් ඒ සඳහා ඒ කාලයේදී පියවර නොගෙන මෙසේ එක්වරම මෙම ගැටලුව මතු කිරීමට හේතුව කුමක්ද යන්නයි.

එසේම ඉන්න ජනාධිපතිවරයා තඹුත්තේගම යනකොට එයාගේ මේ වාහන ගෙදර තියලා බස් එකේ යනවද? මේක තමයි ජනතාව කල්පනා කරන්න ඕනේ දේ යනුවෙන් පවසමින් ඇය අවධාරණය කළේ එම අයිතිය රනිල් වික්‍රමසිංහ මහතාට ද තිබූ බවයි.

එහිදී ඇය තවදුරටත් සඳහන් කළේ,

” මේ මෙතනදිම මම කිව්වා එදා පත් වෙච්චි කථානායකවරයාට උපාධියක් නැහැ කියලා. අද පත් වෙච්චි කථානායක ගැන තවත් කතා බහක් සමාජයේ යනවා අපි ඕවා කතා කරනවද නෑනේ. ඒ විතරක් නෙවෙයි මේ ගොල්ලෝ අවුරුදු 70ක දේවල්වලට වග කියන්න ඕනේ කියන්නෙ වෙන මොකවත් නෙවෙයි 71 විනාශ කළා, මිනීමැරුවා, 87 විනාශ කළා, 88 පිච්චුවා, 2022ත් ඒකම කරලා තමයි මේ බලේට ඇවිත් තියෙන්නේ. ඒ ඉතිහාසේ දන්න එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා දන්න නිසා ෆෝබියා එක වෙලා තියෙන්නේ. මේ වෙලාවේ අධිකරණයෙන් දුන්න තීන්දුව අපි කොහෙත්ම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් තව කල්ප ගානකට මේ රට බිහි වෙන් නැති එක ගැන කවුරුත් දන්නවා, රනිල් වික්‍රමසිංහ වගේ වෙන්න කවුරුත් උත්සාහ කරන්න එපා මොකද වෙන්නත් බෑ. හැබැයි මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරලා චරිත ඝාතනය කරන්න එපා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: