hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 01, පෙ.ව. 11:01



රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථයේ ගැටී තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාපැදිකරුවෙකු මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇති පුද්ගලයා පුත්තලම මලිපුරම් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සිව් දරු පියකු බවයි පුත්තලම පොලිසිය පවසන්නේ.‍

පසුගිය 15 වනදා සවස මෙම අනතුර සිදුව ඇත්තේ පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිහිටි ලංගම බස් ඩිපෝව ආසන්නයේදී බවයි වාර්තාවන්නේ.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථය පැදවූ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: