2025 දෙසැම්‍බර් 12, ප.ව. 3:01
අද (12) උදෑසන බදුල්ල සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයක තිරිංග අක්‍රීය වූ අවස්ථාවේ බස්රථය වේල්ලකට අල්ලා මගීන් 14 දෙනාගේ ජීවිත බේරා ගැනීමට රියදුරු මහතා සමත්ව තිබේ.
එහි රියදුරු ජනක තුෂාර මහතා පැවසූවේ බස්රථය පෙ.ව. 6.35ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කර බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් තිබියදී බදුල්ල දුන්හිඳ වංගුව අසලදී බසයේ තිරිංග අක්‍රීයවූ බවත් තමා වහාම බස්රථය වේල්ලකට අල්ලා නතර කර ගත් බවත්ය.
එම යුහුසුළු ක්‍රියාමාර්ගයෙන් බස්රථය අඩි දහස් ගණනක ප්‍රපාතයට පෙරළී සිදුවීමට තිබූ විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ බවත් තුෂාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කොන්දොස්තර මහතා පැවසූවේ, “මම මගීන්ට කිව්වා හයියෙන් අල්ලා ගන්න කියලා. රියදුරු මහත්තයා ගානට වේල්ලට ඇල්ලුවා.” යනුවෙනි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26