2022 නොවැම්‍බර් 02, ප.ව. 12:34
ශ්‍රී ලංකාවට සියම් දේශයෙන් (තායිලන්තය) උපසම්පදාව රැගෙන විත් වසර 270 ක් පිරීම නිමිත්තෙන් සහ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර තානාපති සේවා සම්බන්ධතා ආරම්භ වී වසර 67 ක් පිරීම නිමිත්තෙන් තායිලන්තයේ උබෝන් රාජධානියේ සී මුවන් මායි පළාතේ ප්‍රධාන සංඝනායක අචාන් ප්‍රා විෂන් සාරාපාත් හිමියන් ඊයේ (01) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට වැඩම කළා.
උන්වහන්සේ සමග තවත් ගිහි පිරිස 08 දෙනෙකු ද පැමිණ සිටියා.
මෙම සිදුවීම් නිමිත්තෙන් ශ්‍රී ලාංකික තරුණයන් 270 දෙනෙකු තායිලන්තයේ තාවකාලික පැවිදි වීම සදහා එළඹෙන 17 දින බැංකොක් නුවර වෙත රැගෙන යාමට නියමිතයි.
මෙම කණ්ඩායම ඊයේ (01) උදෑසන 10.40 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මෙම පිරිස පිළිගැනීම සදහා අවිස්සාවේල්ල වග ශ්‍රී වජිරවංශතිස්ස හිමියන් ඇතුළු ශ්‍රී ලාංකික බෞද්ධ දූත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
මොවුන් කැළණිය, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල සහ මහනුවර යන ප්‍රදේශ වල වන්දනා කිරීමට නියමිතයි.
මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මග පෙන්වීම යටතේ සංවිධානය කර තිබෙනවා.
මෙම බෞද්ධ දූත පිරිස එළඹෙන 06 දින රාත්‍රී සිය ශ්‍රී ලාංකික සංචාරය නිම කර ආපසු තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.
2025 මාර්තු 07, පෙ.ව. 12:31
2025 මාර්තු 07, පෙ.ව. 12:29
2025 මාර්තු 07, පෙ.ව. 12:27
2025 මාර්තු 07, පෙ.ව. 12:27
2025 මාර්තු 07, පෙ.ව. 12:25