hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 මාර්තු 29, ප.ව. 9:53



ශ්‍රී ලංකාවේ හිටපු මියන්මාර තානාපතිවරයා ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ වැඩ බලන උත්තරීතර මහා නායක හා සභාපති තැන්පත් අතිපූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ඒ, පසුගියදා අමරපුර සංඝ සභා මූලස්ථානයට පැමිණෙන අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ හිටපු මියන්මාර තානාපතිවරයා ලෙස සිය සේවය අවසන් කර යළි මියන්මාර රජය වෙත පිටත්වීමට ප්‍රථම ඔහු මෙලෙස මහා නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

සිය සේවා කාලය තුළ ලබාදුන් දායකත්වය වෙනුවෙන් එහිදි ශ්‍රී ලාංකිකයින් විසින් තානාපතිවරයාට ස්තූතිය ද පුදකර ඇති බව සඳහන්.

මහා නාහිමියන් විසින් තානාපතිවරයාට නව සමරු තිළිණ ප්‍රධානය කිරීමක්ද සිදුකර තිබෙනවා.