hit counter

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි 23, ප.ව. 6:52



ථෙරවාද භික්ෂුන් වහන්සේලා විසින් ඇමරිකාවේදි සිදු කරනු ලැබූ සාම පාගමනේ අවසාන නිල උත්සවය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ ඩාලස් – ෆෝට් වර්ත් නගරයේ පවත්වන ලදී.

මෙම අවසාන උත්සවය ථෙරවාද භික්ෂුන් වහන්සේලාගේ විහාරස්ථානය වන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ගෞරවයෙන් සහ භක්තියෙන් සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ශ්‍රීලාංකීය භික්ෂුන් වහන්සේලා නියෝජනය කරමින් ලොස්ඇන්ජලීස් නුවර වෙස්ට් හිල්ස් ශාන්තිනිකේතනයේ බෞද්ධ මධ්‍යස්ථානයේ සහ ඇක්ටන් ජේතවන බෞද්ධ විහාරය, සහ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය කුරුන්දන් කුලමෙ ශාන්ත සොබන භික්ෂුන් වහන්සෙ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගී විය.

එම සමාප්ත උලෙළට සම්බන්ධ වී සමස්ත ශ්‍රීලාංකීය බෞද්ධ සමාජයේම ප්‍රසාදය සහ ගෞරවය ථෙරවාද භික්ෂූන් වහන්සේලා වෙත පුදකල සිටින ලදි.

මෙම සාම පාගමනේ අවසාන උත්සවය, ඇමරිකාවේ ආගමික එකමුතුව සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙසද සැලකේ.