hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 07, පෙ.ව. 8:05



බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළ අමානුෂිකව සලකනවා යැයි පවසමින් ඇගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඊයේ (06) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා

එම පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස දක්වමින් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම අසාමාන්‍ය පරීක්ෂා කිරීම් හමුවේ තිළිණි ප්‍රියමාලිගේ රහස් ප්‍රදේශවලට තුවාල සිදුව ඇති බවයි.

පෙරේදා (05) රාත්‍රියේ සැකකාර තිළිණි ප්‍රියමාලිව රඳවා සිටින සිර කුටියට පැමිණි බන්ධානාගාර නිලධාරිනියන් විසින් ඇයගේ ඇඳුම් උණා දමන ලෙස අණ කර ඇති බවත්, සැකකාරිය විසින් යම් දෙයක් රහසේ සඟවා සිටින බව නිරීක්ෂණය සඳහා විදුලි පන්දම් ආලෝකය නිකුත් කර ඇති බවත්, අදාල අවස්ථාවේ දී ඇය අපහසුතාවයට පත් වූ බවත් සැකකාරියගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.