hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 3:50



කංසා ආයුර්වේද නිෂ්පාදන ලෙස නීතිගත කිරීමට අදාළ නීති සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

එම නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

“නීතියක් නැතුව එක එක්කෙනාට අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න බෑ. අපේ රටේ විෂ, අබිං, මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් තියෙනවා. ඒ පනත්වලට ඒවා පටහැනියි. ඒ නිසා එක එක්කෙනාට ඉබාගාතේ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ. ඒ වගේම රටට හානියක් වෙන්න දෙන්නත් බෑ. මේවා විනෝදාස්වාදය සඳහා යොදා ගන්න බෑ.” යැයි සිසිර ජයකොඩි මහතා පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ “මේවායේ අතුරු ප්‍රතිඵල එන්නේ මරුජුවානා විදියට ඒ නිසා මත්ද්‍රව්‍යවලට තරුණයින් යොමු කරන්න ඉඩදෙන්න, රාත්‍රී සමාජ ශාලාවල මේවා භාවිත කරන්න ඉඩදෙන්න ඒ නීතියට අපිට පුළුවන් කමක් නෑ.ආයුර්වේද නිෂ්පාදන විදියට ආයුර්වේදය  යොදාගෙන එය දියුණු කර ලෝක වෙළඳපොළටඉදිරිපත් කර කිසියම් ලාභයක් ලබන්න අපට පුළුවන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: