hit counter

2025 පෙබරවාරි මස 03 වන සඳුදා

2022 ජූලි 29, ප.ව. 7:08



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් තුසිත හල්ලොලුව මහතා පත්කර තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා රාජ්‍ය ආයතන කිහිපයකම ඉහල තනතුරු දැරූ අයෙක්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මෙන්ම මංගල සමරවීර, අමරසිරි දොඩන්ගොඩ, අනුරුද්ධ රත්වත්ත, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත සහ ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන්ගේ සම්බන්ධිකරණ නිලධාරියකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති හල්ලොලුව මහතා, මහජන සම්බන්ධතා විෂය කෙරෙහි පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙක්.

මංගල සමරවීර මහතාගේ හදිසි අභාවයෙන් පසු වජිර අබේවර්ධන මහතා සමග එක්ව යලි සක්‍රිය දේශපාලනයට පිවිසි හල්ලොලුව මහතා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීම වෙනුවෙන් සුවිශාල කාර්ය භයක් ඉටුකළ අයකු ලෙස සැලකෙනවා.