2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:03
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රජයේ කිසිදු මැදිහත්වීමක් හෝ ඔහුගෙන් පළිගැනීමේ කිසිදු ක්‍රියාවලියක් හෝ නොමැති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
“සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ට තමන් අදහන තමන්ගෙ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ රට පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවායි කියන එක ජාතික ජන බලවේගය විදියට අපි පිළිගන්නවා.
රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. අදත් තියෙනවා, හෙටත් තියෙනවා, කවදාටත් තියෙනවා. රජය මේ සඳහා කිසිදු මැදිහත්වීමක්, පළිගැනීමක්, එහෙම නෑ”
ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:19
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:09