hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි 07, පෙ.ව. 12:31



වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යමින් තිබෙන බවත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බය බවත් සමගි ජන බලවේග ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පවසයි.

ආණ්ඩුව පාලන මිලක් නියම කළත් එම මිලට සහල් ලබා ගැනීමට නොහැකි බව ඔහු ප්‍රකාශ කරයි.
සහල් මාෆියාව රට තුළ ක්‍රියාත්මක වන නමුත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බය බව පෙන්වා දුන්නේය.

වෙළෙඳපොළේ ආහාර හිඟය පියවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළත් ඒ හරහාත් විශාල වංචාවක්, දූෂණයක් සිදුවීමට හැකි බවත් මේ හරහා දේශීය ගොවීන්ට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිදු වන බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවට වී මිල දී ගන්නට හෝ වැඩපිළිවෙළක් නොමැති බවත් දේශීය නිෂ්පාදන නිසි මිලට මිලදී ගැනීම ආණ්ඩුව කටයුතු කර නොමැති බවත් ඔහු කියයි.

එසේ ම, ආපදාවෙන් විනාශ වුණ වගාවලට දෙන බව ප්‍රකාශ කළ සහන ලබාදීමටවත් ආණ්ඩුව කටයුතු කර නොමැති බවත් දේශීය ගොවීන් දැඩි අපහසුතාවට පත් වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: