hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:08



රථවාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා යළිත් ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද ඔහු පවසා තිබෙනවා.

කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල දෛනිකව පවතින දැඩි රථ වාහන තදබදය අවමකර ජනතාවට සහනයක් සැලසීමේ අරමුණෙන් මෙම ක‍්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: