2024 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:03
2025 නව වසර උදාව නිමිත්තනේ අද (31) දිනයේ ගාලු මුවදොර පරිශය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් ආශ්‍රිතව එම සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, 2024.12.31 වන දින ගාලු මැද පාර පිහිටි රථ නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර එම රථවාහන පහත සඳහන් රථගාල් තුළ පමණක් නැවැත්විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
එම රථවාහන සැලැස්ම පහළින්,
මුදල් අයකිරීමක් සහිත පුද්ගලික රථගාල් පිහිටි ස්ථාන
පහත සඳහන් නිදහස් රථගාල් සහ මාර්ග දෙපස, මුදල් අයකිරීමකින් තොරව අවහිරතා ඇති නොවන පරිදි රථවාහන ගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.
හෙට දිනයේ මෙම කලාපයේ ඇති වන රථවාහන අවහිරතාව මගහැරවීම සඳහා සවස 4.00 සිට ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිතව පහත සඳහන් පරිදි රථවාහන ගමනා ගමනය සිදු කිරීමට සලස්වනු ලබයි.
කොළඹින් පිට වන බර වාහන හා බස් රථ සෙරමික් හන්දියෙන් රීගල් හන්දිය ඔස්සේ ඩී.ආර්. විජේවර්ධන මාවත සහ චිත්තප්පලම් ඒ. ගාර්ඩ්න් මාවතෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට යොමුකර සැහැල්ලු වාහන සෙරමික් හන්දියෙන් ලෝටස් පාර, එන්. එස්. ඒ වටරවුම, ගාලු මැද පාර එම්. ඕ. ඩී හන්දියට පැමිණ බාල දක්ෂ මාවත ඔස්සේ අලියා නාන වටරවුම, උත්තරානන්ද මාවත, ශාන්ත මයිකල් වටරවුම, ලිබර්ටි වටරවුම දෙසට පිට වීම.
ගාලු මුවදොර පිටිය දෙසට ඇතුළු වන බර වාහන හා බස් රථ කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවත ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය, ඩාර්ලි පාර, මරදාන පාලම හන්දිය, කාර්මික විද්‍යාල හන්දිය, ඔස්සේ කොළඹට ඇතුළුවීම සිදු කරනු ලබන අතර සැහැල්ලු වාහන කොල්ලුපිටිය හන්දිය, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මාවත, ලංකා බැංකු මාවත ඔස්සේ ඇතුළුවීම සිදුකරනු ලබයි.
මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයක් අවහිර වන සේ කිසිඳු වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර මෙම රථවාහන නීති උල්ලංඝනය කරනු ලබන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවත් පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2025 ජනවාරි 02, ප.ව. 2:21
2025 ජනවාරි 02, ප.ව. 2:18
2025 ජනවාරි 02, ප.ව. 12:58
2025 ජනවාරි 02, පෙ.ව. 12:09
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
31-12-24
31-12-24