2022 ජූනි 18, ප.ව. 4:00
මාතර දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබු දුම්රියට ගොඩ වන අවස්ථාවේ දී ඉන් බීමට ඇද වැටී තරුණයෙකු ඊයේ (17) රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඊයේ (17) රාත්‍රියේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ 23 හැවිරිදි වියෙහි පසු වූ දික්වැල්ල වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මාතර සිට බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ඉන් බිමට ඇද වැටුණු තරුණයා දුම්රියට යට වී තිබෙනවා.
ඔහු බේරා ගැනීම සඳහා මාතර රතු කුරුස කාර්යාලයේ නිලධාරියෙකු සහ අසළ සිටි පිරිස එක්ව දැඩි පරිශ්‍රමයක් දැරුව ද පැයකට ආසන්න මෙහෙයුමකදී මෙම තරුණයා එළියට ගත්ත ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21