hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් 22, පෙ.ව. 12:17



හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය, වෛද්‍ය තුෂ් වික්‍රමනායක පසුගියදා අගමැති හරිනි අමරසූරිය හමුව තිබුණා.

ඒ, ‘ළමා ආරක්ෂණය’ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සඳහායි.

මුහුණුපොතට සටහනක් එක්කරමින්, වෛද්‍ය තුෂ් වික්‍රමනායක සඳහන් කර තිබුණේ එම සාකච්ඡාව සාර්ථක වූ බවයි.

එමෙන්ම, අදාළ සාකච්ඡාවේදී අගමැතිනිය සමඟ කතිකා කළ කරුණු සම්බන්ධයෙන් තුෂ් වික්‍රමනායක මෙයාකාර සටහනක් ද තබා තිබුණා….

”අගමැති Harini Amarasuriya සමඟ ළමා ආරක්ෂණය ගැන පෙරුම්පුරා කල “සාර්ථක” සාකච්ඡාව!
විනාඩි 25 ආරම්භ වුණා.

1) අප්‍රේල් 30 ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය. ශාරීරික දඬුවම් අවසන් කිරීමේ පනත පහුගිය රජයෙන් අවසන් කරලා ගැසට් කරන්න ලේඛනගත කරලත් ඉවරයි. දැං තියෙන්නෙ ගැසට් නිවේදනය නිකුත් කරලා පාර්ලිමේන්තු සභාගත කරන්න පමණයි. දින 2ක වැඩක්. මේ තියෙන්නෙ එහි පිටපත. ඇයි නව රජය එය ප්‍රමාද කරන්නෙ? – ඒ ගැන අපි කටයුතු කරමින් ඉන්නෙ.

2) පනත සභාගත කිරීම අධිකරණ ඇමති Harshana nanayakkara ජූනි මාසෙට කල් දාල බව ඔබ දන්නවද? ඔව්
නමුත් එය කල් දාන්න අවශ්‍ය නෑ. ලබන සතියෙත් එය පාර්ලිමේන්තු සභාගත කරන්න මේ විදිහට පුලුවන්. විකල්ප ක්‍රමවේදය කියා දුන් පසු – ඒ ගැන ඇමතිවරයා කටයුතු කරාවි.

3) ශාරීරික හිංසන පහසුවෙන් වළක්වා ගත හැකි අපරාධයක්. දිනපතා අපරාධ සිද්ද වෙද්දි, මානව හිමිකම් කොමිසමෙන් පැහැදිලි නියෝග ලබා දී තියෙද්දි, අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ 12/2016 සංශෝධනය කරලා වහාම නියාමනය නොකරන්නෙ ඇයි? මුදලක් වැය නොවෙන නියාමන ක්‍රමවේදය කියා දුන් පසු – ඒ ගැන අපි කටයුතු කරමින් ඉන්නෙ.

4) ළමා මනෝ විද්‍යා ගුරු පුහුණුවීම් අනිවාර්‍ය කිරීම, රජය විසින් බඳවා ගන්නා ගුරුවරුන්ට පුහුණුවීම් ලබා දීම – ඒ ගැන අපි ක්‍රියා කරමින් ඉන්නෙ.

5) 2024 නොවැම්බර් මාසයෙ කොලොම්බියාවේ පැවති දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ගෝලීය සමුලුවේදී විවිද රජයන් ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට බොහෝ රටවල් පසු විපරම් සාකච්ඡා පවත්වලත් ඉවරයි. ඒත් ලංකාවෙ නියෝජිත පිරිසගෙන් කිසිම වාර්ථාවක් නෑ, අනෙක් පාර්ශවකරුවන් දැනුවත් කරලත් නෑ, කොටින්ම විෂයභාර ඇමති Saroja Paulraj දන්නෙත් නැ. කවද්ද සර්ව පාක්ෂික සාකච්ඡාව කරන්නෙ? – ඒ ගැන අපි ක්‍රියා කරමින් ඉන්නෙ.

6) ලිංගිකත්ව අධ්‍යාපනය අනිවාර්‍ය කිරීමට එකඟ වී පහුගිය රජය යටතේ තිබ්බ ළමා සන්සදයෙදි, කාන්තා සහ ළමා ආංශික අධීක්ෂණ කමිටු වලදී වැඩ ගොඩක් කලා. ඒ ගැන ඔබත් දන්නවා. අතිරේක පොත් e-තක්ෂිලාවෙ නිකුත් කලා. නමුත් දැං කමිටුත් නෑ, e-තක්ෂිලාවෙ පොතුත් නෑ. ලිංගිකත්ව අධ්‍යාපනය අනිවාර්‍ය කිරීමට රජය ගන්නා පියවර මොනවද? – ඒ ගැන අපි ක්‍රියා කරමින් ඉන්නෙ.

7) ළමා සුභසාධණය සඳහා රජයේ විශේෂ ප්‍රතිපත්ති මාලාවක් නැති නිසා අපි ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කලා. කෙටි කාලීන, මද්‍ය කාලීන සහ දිගු කාලීන. මේ ගැන ඔබ දන්නවද? නෑ

මේ තියෙන්නෙ ඔබට එවූ පිටපත. එහි මුලින්ම යෝජනා කර ඇත්තේ ළමයින් සඳහා විශේෂ ජනාධිපති කාර්‍ය සාධක බලකායක් පත් කරන්න. මුල්ම සහ අවසන් වතාවට එවැන්නක් සිදු වුනෙ ජනාධිපති Chandrika Bandaranaike Kumaratunga මහත්මියගෙ රාජ්‍ය නායකත්වය යටතෙ පමණයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටෙව්වෙත් එමගින්. ඔබට පුලුවන් නේද ඒ ගැන කතා කරන්න? – ජනාධිපතිවරයා ඒ ගැන තීරණයක් ගනීවි.

8)) වින්දිත දරුවන් 40,000 ගෙ පැමිණිලි කඩිනම් කිරීමට සිවිල් සංවිධාන සහ විද්වතුන් රාශියක් ජනාධිපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කලා. ඔබටත් එවා ඇති. ඒ ගැන දන්නවද? නෑ

මේ තියෙන්නෙ එහි පිටපතක්. අනෙක් දියුණු රටවල් කරනවා වගෙ යාන්ත්‍රණයෙ වගවීම තහවුරු කිරීමට අපි ඉල්ලන්නෙ පාරදෘශ්‍ය ස්වාධීන මහජන විමර්ශනයක්. ඒ ගැන විස්තර කියා දීමෙන් පසු, ඔබට පුලුවන් නේද ඒ ගැන කතා කරන්න? – ජනාධිපතිවරයා ඒ ගැනත් තීරණයක් ගනීවි.

ඒ වුණාට මම හිතන්නෙ නෑ ජනාධිපතිවරයා ඔහුගෙ නමට යවන ලිපි දකිනවා කියලා. අපිට කිසිම acknowledgement/ලැබුනු බවට ප්‍රතිචාරයක් වත් නෑ!
අගමැතිනිය නිහඬව කට කොනින් සිනා වුණා.

සාකච්ඡාව අවසන්.
පිංතූරයක් ලබා ගැනීමට අවසර දුන්නා.
We met PM Harini Amarasuriya to discuss the child protection crisis. It seems there is no need for concern as the government is looking into everything.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: