hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 13, පෙ.ව. 12:21



එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වෙමින් පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට “විනාශකාරී” තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.

පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා පැවති ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දරුවන් 1,100කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව වාර්තා වී ඇති බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

වාර්තා වී ඇති පිරිදි, මියගිය දරුවන් අතර ඉරානයේ 200ක්, ලෙබනනයේ 91ක්, ඊශ්‍රායලයේ සිව්දෙනෙක් සහ කුවේට් රාජ්‍යයේ එක් දරුවෙකු ද සිටින බව සඳහන්.

යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවන්නේ, යුද්ධය තව තවත් ප්‍රචණ්ඩ වීමත් සමඟ මෙම සංඛ්‍යා තවදුරටත් ඉහළ යනු ඇති බවටයි.

“අධ්‍යාපනයට පුළුල් ලෙස බාධා කිරීම නිසා කලාපය පුරා මිලියන ගණනක් දරුවන් පාසල්වලින් ඉවත් වී ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත දරුවන් නොනවතින බෝම්බ හෙලීම් හේතුවෙන් අවතැන් වී ඇත” යනුවෙන්ද එම සංවිධානය පවසනවා.

එසේම දරුවන් ඝාතනය කිරීම සහ ආබාධිත කිරීම හෝ දරුවන් යැපෙන අත්‍යවශ්‍ය සේවාවන් විනාශ කිරීම සහ කඩාකප්පල් කිරීම කිසිවක් සාධාරණීකරණය නොකරන බවත් සඳහන් වෙනවා.

කලාපයේ වෙසෙන මිලියන 200ක් වන දරුවන් වෙනුවෙන් ලෝකය කඩිනමින් ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: