2023 පෙබරවාරි 26, ප.ව. 1:37
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිසා ශාස්ත්‍ර පීඨයේ තුන්වන වසරේ සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
එමෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිසුන් හට ඊයේ (25) දිනයේ සිට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් ලෙස ද නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ සිසුන් පිරිසක් 24 වැනි දින රාත්‍රියේ පොලු රැගෙන ගොස් දෙවැනි වසරේ සිසුන් හය දෙනෙකුට පහර දී ඇති අතර, තුවාල ලැබූ එම සිසුන් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පහරකෑමෙන් එක් සිසුවෙකුගේ හිසට හා උරහිසට තදබල ලෙස පහර එල්ල වී සිසුවා බරපතළ තත්ත්වයේ පසුවන බව ද රෝහල් ආරංචි මාර්ග පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03