hit counter

2025 දෙසැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2023 ජූලි 03, පෙ.ව. 2:19



පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීමට මහජනයා සඳහා විවෘත කිරීමත් සමග එම පරිශ්‍රය දැඩි ලෙස අපිරිසිදු කර ඇති බවට චෝදනා එල්ල වෙනවා.

ඊයේ දිනයේ එම පරිශ්‍රය නැරඹීම සඳහා දහස් ගණනක් ජනතාව එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් කොළඹ නුවර මාර්ගය පේරාදෙණිය හන්දියේ දී දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මෙතෙක් වාහන නවත්වා නැති ස්ථානවල පවා වාහන නවත්වා එම පරිසර පද්ධතියට හානි කර තිබෙනවා.

ජනතාව විසින් ගෙන එන ලද ප්ලාස්ටික් බෝතල්, පොලිතින්, කඩදාසි ආදිය තැන තැන දැමීම හේතුවෙන් ද පරිසරය අපවිත්‍ර වී තිබෙනවා.