2026 මාර්තු 24, පෙ.ව. 12:16
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ ගොස් තිබුණද, රජය මැදිහත් වී මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බව අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ වුවද ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වීමට ඉඩ නොතබා කටයුතු කරන බවයි.
භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20,000ක සහනාධාරයක් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ වුවද ඉන්ධන මිල පාලනය කර ගැනීම සඳහා රජය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20,000ක මුදලක් වැය කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
මෙරට ඉන්ධන වෙළඳපොළෙන් 57%ක් රජය හරහා පාලනය වන අතර 43%ක් පෞද්ගලික අංශය සතු බවත්, පෞද්ගලික අංශයේ මිල වැඩිවීම් වැළැක්විය නොහැකි වුවද ජනතාවට දරාගත හැකි මිලකට ඉන්ධන ලබා දීමට රජය මැදිහත් වන බවත් හෙතෙම සඳහන් කළේය.
වර්තමානයේ පවතින බොරතෙල් ලබාගැනීමේ ගැටලු සහ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බොරතෙල් හිඟ වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ලබා ගැනීමට සිදු වන බවයි.
එමෙන්ම විදුලිය උත්පාදනය සඳහා ද ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින්, බලශක්තිය ඉතා පිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙය මෙරට ආර්ථික කළමනාකරණයේ ගැටලුවක් නොව ගෝලීය අර්බුදයක් බව වටහා ගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
“අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටිමින් පීඩාවට පත් වෙන්න එපා. අපි අඛණ්ඩව ඉන්ධන සහ බලශක්තිය ලබා දීමට කටයුතු කරනවා,” යැයි පැවසූ අමාත්‍යවරයා, අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු අනෙකුත් සේවාවන් ද ඉතා මැනවින් පවත්වාගෙන යන බව වැඩිදුරටත් සඳහන් කළේය.
2026 මාර්තු 24, පෙ.ව. 12:35
2026 මාර්තු 24, පෙ.ව. 12:34
2026 මාර්තු 24, පෙ.ව. 12:25
2026 මාර්තු 24, පෙ.ව. 12:12
2026 මාර්තු 24, පෙ.ව. 12:12