2023 නොවැම්‍බර් 27, ප.ව. 5:55
මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 ක මුදලක් නගර සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරීමට රැගෙන ගිය බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මූල්‍ය වංචාවට අදාළව නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ නමුත් සිද්ධියෙන් මාසයකටත් වැඩි කාලයක් ගතවන තෙක්ම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වුණා.
මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින නිලධාරිනිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අත්පත්තු මහත්මියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා.
සැකපිට අත්අඩංගුවට ගත් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 01 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබෙනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06