hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2026 මාර්තු 09, ප.ව. 12:23



නව නාවික යුධ යුගයක සංකේතයක් සහ ශ්‍රී ලංකාවට ඇති පාඩම

ලෝක නාවික ආරක්ෂක ඉතිහාසයේ දුර්ලභ සිදුවීමක් ලෙස සැලකෙන සිදුවීමක් ලෙස, Los Angeles-class nuclear attack submarine එකක් වන USS Charlotte (SSN-766) විසින් IRIS Dena frigate යාත්‍රාව Mark-48 heavy torpedo භාවිතා කරමින් ගිල්වා දැමූ බවට ආරක්ෂක වාර්තා මගින් තහවුරු වෙමින් තිබේ. මෙම මෙහෙයුම සඳහා නියෝග නිකුත් කර තිබුණේ එක්සත්  ජනපද  නාවුක හමුදාවේ මද්‍යම අණදීමේ මුලස්ථානය United States Central Command (CENTCOM) මගිනි.

The Mark 48 (Mk-48) heavyweight torpedo

විශ්ලේෂකයින් සඳහන් කරන්නේ මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු සබ්මැරීනයක් විසින් ටෝපිඩෝ ප්‍රහාරයකින් යුධ නාවක් ගිල්වූ දුර්ලභ අවස්ථාවක් බවයි. එය නව සමුද්‍ර ආරක්ෂක තත්ත්වයන් පිළිබඳ ලෝකයම නැවත සිතන්නට පෙළඹවූ සිදුවීමක් ලෙසද දැක්වේ.

USS Charlotte (SSN-766) යනු 1994 සැප්තැම්බර් 16 දින එක්සත්  ජනපද  නාවුක හමුදාව වෙත කමිෂන් කරන ලද Los Angeles-class nuclear powered attack submarin e  න්‍යශ්ඨික බලයෙන් ක්‍රියාත්මක ප්‍රහාරක සබ්මැරීනයක් වර්ගයට අයත් සබ්මැරීනයකි. මීටර් 110කට ආසන්න දිගකින් යුත් මෙම සබ්මැරීනය, නවීන සෝනාර් පද්ධති, cruise missiles සහ heavy torpedoes භාවිතා කිරීමේ හැකියාව ඇති අති නවීන සමුද්‍ර යුධ වේදිකාවක් ලෙස සැලකේ.

මෙම සබ්මැරීනය සම්බන්ධයෙන් නාවික ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක්ද පවතී. 2005 වසරේදී ඇය ආක්ටික් ප්‍රදේශයේ උත්තර ධ්‍රුවය අසල අඟල් 61ක අයිස් තට්ටුව බිඳගෙන මතුවූ Los Angeles-class submarine එකක් ලෙස වාර්තාවක් තැබුවාය.

USS Charlotte සබ්මැරීනය පැසිෆික් සාගරයේ දක්ෂින කලාපයේ දීර්ග මෙහෙයුම් (Western Pacific deployments) පහක් සම්පූර්ණ කර ඇති අතර, 1998 වසරේදී Persian Gulf ප්‍රදේශයේ බහුජාතික නාවික බල ප්‍රදර්ශනයකටද යොදවා තිබුණි.

මෙම ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ඔස්ට්‍රේලියානු නාවුක හමුදාවට අයත් සෙබළුන් දෙදෙනෙකුද සබ්මැරීනය තුළ සිට තිබූ බව වාර්තා වන අතර, ඔවුන් ඇමරිකානු සබ්මැරීන් පුහුණු වැඩසටහනකට සහභාගී වෙමින් සිටි බව සඳහන් වේ. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රික වාර්තා අනුව ඔවුන් මෙම ප්‍රහාර මෙහෙයුමේ ක්‍රියාකාරී සටන් තීරණයන්ට සම්බන්ධ නොවූ බව තහවුරු කර ඇත.

නව නාවික යුධ යථාර්ථය

මෙම සිදුවීම ලෝක නාවික ආරක්ෂක ප්‍රවණතාවයේ වැදගත් පණිවිඩයක් ලබා දෙයි. අද වන විට සමුද්‍ර යුද්ධයේ ප්‍රධාන බලවේගය ලෙස සැලකෙන්නේ carrier strike groups හෝ surface fleets පමණක් නොව, “silent service” ලෙස හැඳින්වෙන සබ්මැරීන් බලයයි.

නවීන nuclear attack submarines යනු

ඉතා නිහතමානී ලෙස සැඟවී ක්‍රියා කළ හැකි

දුර සිට ප්‍රහාර එල්ල කළ හැකි

surface fleet එකක් පවා අනතුරට පත් කළ හැකි
ඉතා බලවත් යුධ වේදිකා බව මෙම සිදුවීම නැවත තහවුරු කරයි.

ශ්‍රී ලංකාවට ඇති පාඩම:

මෙවැනි සිදුවීම් ඉන්දියානු සාගරයේ කුඩා නාවික බලවේග සතු රටවල් සඳහාත් වැදගත් පාඩම් ලබා දෙයි.

ශ්‍රී ලංකාව භූගෝලීයව ලෝකයේ වැදගත්ම සමුද්‍ර මාර්ගයන් අතර පිහිටා ඇත. Malacca Strait – Hormuz – Suez සම්බන්ධ වන ප්‍රධාන නාවුක කොරිඩෝව එකේ මධ්‍යම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සැලකේ.

එම නිසා submarine warfare awareness සහ anti-submarine warfare (ASW) හැකියාවන් වර්ධනය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට අතිශයින් වැදගත්ය.

අනාගතයේදී ශ්‍රී ලංකාව සලකා බැලිය යුතු කාරණා කිහිපයක් ඇත:

• Long-range maritime surveillance systems
• Maritime patrol aircraft සහ ASW helicopters
• Underwater sonar surveillance networks
• Friendly navies සමඟ submarine tracking cooperation

ඉන්දියානු සාගරයේ විශාල බලවතුන්ගේ සබ්මැරීන් ක්‍රියාකාරකම් වැඩි වන තත්ත්වයක් තුළ, පවතින ආතතිමය තත්වය පිලිබඳ නිවැරදි දැනුවත් භාවය  (situational awareness) සහ සමූද්‍රීය කොටස් හෝ වසම් වශයෙන් වෙනවෙනව් නිරීක්ශනය (maritime domain monitoring) යනු කුඩා නාවික බලවේග සඳහාත් අත්‍යවශ්‍ය අංශයන් බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දියානු සාගරයේ නව බල සටන

මෙම සිදුවීම ඉන්දියානු සාගරය හා මධ්‍යම ආසියානු ආරක්ෂක භූගෝලයේ නව බල තත්ත්වයක් සනිටුහන් කරන සිදුවීමක් ලෙසද සැලකෙයි.

අමෙරිකාව, චීනය, ඉන්දියාව සහ අනෙකුත් ප්‍රබල රටවල් සියල්ලම සබ්මැරීන පක්ෂාන්ග ප්‍රවර්දනය කරමින්  (submarine fleet expansion) ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින අතර, සමුද්‍රයේ “invisible deterrence” ලෙස සබ්මැරීන් බලය වඩාත් වැදගත් වෙමින් පවතී.

එබැවින් IRIS Dena ගිල්වූ USS Charlotte සිදුවීම නාවික ඉතිහාසයේ එක් tactical victory එකක් පමණක් නොව, 21වන සියවසේ සමුද්‍ර ආරක්ෂක යථාර්ථය පිළිබඳ ප්‍රබල මතක් කිරීමක් ලෙස ද සැලකිය හැක.

By: Sanindu Fonseka, Independent Defence Analysts.