hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:06



විපක්ෂය විසින් පසුගිය ආණ්ඩු කරන කාලේ කරපු වැරදි සහගත ක්‍රියාවන් නිසා දැන් විපක්ෂයට ජනතා ප්‍රශ්න වෙනුවෙන් හඩ නගන්න බැරිවෙලා තියෙන බව දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර සඳහන් කරයි.

දෙවන පරපුර නායක උවිඳු විජේවීර සඳහන් කළේ,

“මහ උළුගෙදර යන්න ඉන්න අයත් එක්ක මොන සංවිධානද. විපක්ෂයක් තියෙනවාද කියලා හිතන්න වෙලා තියෙන්නේ අපිට. විපක්ෂය විසින් ඔවුන් ආණ්ඩු කරන කාලේ කරපු වැරදි සහගත ක්‍රියාවන් නිසා දැන් විපක්ෂයට තමන්ගේ ජනතා ප්‍රශ්න වෙනුවෙන් හඩ නගන්න බැරිවෙලා තියෙනවා.

පහුගිය කාලේ ලංකාවේ වෙච්ච අපරාධ, වංචා, දූෂණ, විෂ මත්ද්‍රව්‍ය, පාතාලය කියන මේ සියල්ලම ගහට පොත්ත වගේ මේ ආණ්ඩු පක්ෂවල හිටපු අයත් එක්ක ගැට ගැහිලා තියෙනවා. දැන් මේ වෙනකොට එක පැත්තකින් විපක්ෂයට හඩ නගන්න බෑ. ඇයි අත් පිරිසිදු මිනිස්සූ විපක්ෂයේ නෑ.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: