2025 ජනවාරි 08, පෙ.ව. 12:05
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත V8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම් විස්තර වාර්තා ලබන මාර්තු මස 1 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී තිබෙනවා.
ඒ, අනුව රේගු ආඥා පනතේ (අ) උපලේඛනය මගින් ප්‍රකාශිත සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ ( HS)87.03 යටතේ වර්ගීකරණය කර ඇති එන්ජින් ධාරිතාවය 1800CC ට වැඩි පැට්රල් වාහන සහ එන්ජින් ධාරිතාවය 2300CC ට වැඩි ඩීසල් වාහන ( ඩබල් කැබ්, සින්ගල් කැබ්, වෑන් බස් ලොරි ට්‍රක් යනාදිය ඇතුළත් නොවේ) වෙන්දේසි කරනු ලබයි.
එමෙන්ම එලෙස වෙන්දේසි කෙරෙන වාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම නොකළ යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන්.
මේ අතර එම චක්‍රලේඛයේ දැක්වෙන පරිදි පොදු දේපළ අස්ථානගතවීම සහ අවභාවිතය වැළැක්වීමට මෙන්ම රජයේ මුදල් ඵලදායී ලෙස යොදා ගැනීම තහවුරු කිරීම සඳහා රජයේ සියලුම වාහන නිසි පරිදි උපයෝජනය කිරීම ලේඛන ලේඛනගත කර පවත්වාගෙන යෑම සහ වාර්තා කිරීම සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අනිවාර්ය වගකීමක් වේ.
එමෙන්ම ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වාහන වල අවශ්‍යතාව ඇගයීමෙන් පසුව ආර්ථිකමය වශයෙන් ඵලදායි නොවන සහ ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය නොවන මෝටර් වාහන රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය හරහා අපහරණය කළ යුතු බවත් ඉහත දැක්වෙන මෝටර් වාහන ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය වන්නේ නම් එම අවශ්‍යතාව සාධාරණීකරණය කරමින් භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා කොම්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවත් චක්‍රලේඛය වැඩිදුරටත් සඳහන්.
2025 ජනවාරි 08, ප.ව. 8:18
2025 ජනවාරි 08, ප.ව. 4:02
2025 ජනවාරි 08, ප.ව. 1:56
2025 ජනවාරි 08, ප.ව. 1:41
2025 ජනවාරි 08, පෙ.ව. 12:11
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25