hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 ජූනි 12, පෙ.ව. 12:04



බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීම සබරගමු පළාත් සභාව මගින් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ මෙම මස 03වන දින සිටයි.

ඒ බව ඊයේ (11) සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව සදහන් කළේ රත්නපුර පිහිටි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

මේ අනුව, බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි වූ වාහන සදහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර සබරගමු පළාත් සංකීර්නයෙන් ද රත්නපුර සහ කෑගල්ල දීස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29කින් ද ලබා ගත හැකි‍ය.

මෙය ක්‍රියාත්මක වීමත් සමගම බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි වූ වාහන සදහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර වාහන ලියාපදිංචි වූ පළාත් සභාවට අමතරව සෙසු පළාත් හතෙන් ලබා ගත හැකි වේ.  

කෙසේ වෙතත්, මෙයට ඔමිනි බස් රථවලට අදාළ වාහන ආදායම් බලපත්‍ර අදාළ නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: