hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 22, පෙ.ව. 9:26



ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් අධි සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීමක් සිදු ‍නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අමාත්‍යවරයා පැවසුවේ, ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: