hit counter

2025 ඔක්‍තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:10



මෝටර් රථ සඳහා අය කරන බදු මුදලේ යම් අඩු කිරීමක් සිදු කරන ලෙස වාහන ආනයනකරුවන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

2026 වසරට අදාළව අයවැය යෝජනාවක් ලෙස වාහන ආනයනකරුවන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

සාමාන්‍ය පුද්ගලයකුට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන පරිදි මෙම බදු අඩු කරන ලෙසද වාහන ආනයනකරුවන් විසින් ඉල්ලීම් කර ඇතැයි පැවසේ.

රජය විසින් වාහන ආනයනය සඳහා ඉකුත් ජනවාරි මස 28 වැනිදා අවසරය ලබාදීමෙන් පසුව ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 918 ක වාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 249 ක වාහන මෙරටට ආනයනය කර තිබේ.

මේ වනවිට වාහන අලෙවියේ විශාල අඩුවීමක් පවතින බවද වාහන ආනයනකරුවෝ පවසති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: