hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2026 ජනවාරි 20, ප.ව. 2:55



මෙරටට වාහන ආනයනය කිරීමට ආරම්භ කිරීමෙන් අනතුරුව, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් පහළ යමින් තිබේ.

වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ, නවීන පන්නයේ වාහන ආනයනය සහ එම වාහන මිල ගණන් සාධාරණවීම හේතුවෙන් භාවිතා කරන ලද මෙරට වාහනවල මිල පහළ යාම මීට හේතුවී ඇති බවයි.

පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ වාහන ආනයනයට පෙර පැවැති වාහන මිල සහ අද (20) දින වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන් වේ.

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැට ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 90යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 70යි 

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 75යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 63යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 96 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 85යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 83 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 62 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 95යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 83යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – එක්කෝටි හතලිස් ලක්ෂයයි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 95යි 

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 62යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 50යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 39යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 32යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 52යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 30යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25යි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: