hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 27, පෙ.ව. 1:12



පොසොන් උත්සවය සඳහා දිය හැකි මුදල් ලබා දී ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරනවා.

ඒ මාධ්‍ය මෙම අදහස් පළ කළේ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“පොසොන් උත්සවයටත් යම් මුදලක් වෙන්වෙලා තියෙනවා. මුදල ගැනනේ ඔය කෙනෙහිලිකම, කෙනෙහිලිකම ගැන කියලා කියන්නේ. මොකක්ද කෙනෙහිලිකම කියලා ඔබ කියන්නේ වෙන? දෙන්න පුළුවන් උපරිම මුදල් මේ ලබා දීලා තියෙනවා. එතකොට රාජ්‍ය වෙසක් උත්සවය මිලියන පහෙන් ලක්ෂ තිස් පහක් වෙන් කළේ විදුලි බලය වෙනුවෙන්. අපි විදුලිබල මණ්ඩලයට සල්ලි ගෙව්වා. එතකොට ගෞරවනීය මහා සංඝරත්නය, දිසාපතිතුමාලා, ඒ වගේම මෙතුමලා, විවිධ ආයතන මගින් අපිට උදව් කළා. එහෙම තමයි වෙසක් උත්සවය කළේ. පොසොන් උත්සවය සඳහාත් රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ අනුරාධපුර දිසාපතිවරයා වෙත, දැනටමත් අවශ්‍ය ප්‍රතිපාදන අපි යොමු කරලා තියෙනවා.”