hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 20, පෙ.ව. 10:47



ජාතික රණවිරු සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වීමට මුල සිටම සැලසුම් කර තිබූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

නමුත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතාට වැරදිමක් සිදු වූ බවත් ඒ නිසා සන්නිවේදන ගැටලුවක් මතු බවත් ඒ මහතා පැවසුවේය.

කෙසේ වෙතත් දිනක් පසුවී හෝ එම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරන ලද බවද ඔහු පැවසීය.

ඒ මොහොතේ එය නිවැරදි කිරීමට නොහැකි වූයේ වෙනත් විවිධ කාර්යවල සිටීමට සිදුවීම නිසා බවත් නමුත් පසුව එය නිවැරදි කරන ලද බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය.

දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: