hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2024 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:05



පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් වල වාර්තා අවශ්‍ය වෙලාවට හෙළිදරව් කිරීමට සූදානම් යැයි ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරයි.

එක් එක් පුද්ගලයන්ගේ ප්‍රකාශ මත පදනම්ව ඒවා හෙළි නොකරන්නේ ඇයිද පැවසූ ඒ මහතා වගකිවයුතු ආණ්ඩුවක් ලෙස එම කටයුත්ත නිසි පරිදි සිදු කිරීමට සූදානම් බවද කියා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධානය ලබා ගැනීමට පොඩි දරුවන් සෙල්ලම් බඩු පොළොවේ ගසන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවද ඔහුගේ ප්‍රකාශයන් මත කලබල නොවන බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: