2023 මාර්තු 09, පෙ.ව. 7:14
මැති ඇමැතිවරුන්ට ලබා දුන් රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුතු වාහන 6ක් අලුත්වැඩියා කිරීමට මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් වෙන්දේසි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලෑන්ඩ්කුෂර් වර්ගයේ වී එයිට් (V8), ලෑන්ඩ් රෝවර්, මයික්‍රෝ, ටාටා වර්ගයේ රථ මෙලෙස 2020 වසරේ සිට අමාත්‍යාංශ පරිශ්‍රයේ ගාල් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම වාහන 2013 වසරේ නිෂ්පාදිත බවත් මේ වන විට එම වාහනවල ඇතිවී තිබෙන කාර්මික දෝෂ අලුත්වැඩියා කිරීමට ඉතා විශාල මුදලක් වැය වන බව සඳහන්.
කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් එම රථ අලුත්වැඩියා කළ හොත් අනෙකුත් වාහන අලුත්වැඩියා කිරීමට මුදල් නොමැතිව යන බව එම අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ නිසා ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් මේ වන විට එම වාහන වෙන්දේසි කිරීමට පියවර ගෙන තිබෙනවා.
2026 මාර්තු 10, ප.ව. 4:28
2026 මාර්තු 10, ප.ව. 3:20
2026 මාර්තු 10, ප.ව. 3:17
2026 මාර්තු 10, ප.ව. 3:01
2026 මාර්තු 10, පෙ.ව. 10:22
08-03-26
08-03-26
16-02-26
16-02-26
09-02-26
09-02-26
02-02-26
02-02-26
30-01-26
30-01-26
27-01-26
27-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
17-01-26
17-01-26
12-01-26
12-01-26
09-01-26
09-01-26
05-01-26
05-01-26