2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 9:35
“විශ්වරංග” ඉන්දියානු සාහිත්‍ය හා සංස්කෘතික උළෙල අද (29) කොළඹ දී ඇරඹුණා. ඒ, සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ප්‍රවීණ ඉන්දියානු සාහිත්‍යවේදී පවන් කේ. වර්මා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, කොළඹ 07, ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී.
දෙදින කලා උළෙල පිළිබඳ මාධ්‍ය හමුව, කොළඹ 07 ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණේ විශ්වරංග පදනමේ සභාපති, සන්තෝෂ් චෞබේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
දකුණු හා අග්නිදිග ආසියානු රටවල ප්‍රවීණ කලාකරුවන්, කවීන් හා සාහිත්‍යවේදීන් පිරිසක් කලා උළෙලට එක්ව සිටිනවා. 2019 වසරේ ඇරඹුණු විශ්වරංග සාහිත්‍ය මහෝත්සවයේ මූලික අරමුණ වන්නේ හින්දි සාහිත්‍යය ලොව පුරා ප්‍රචලිත කිරීමයි. එසේම, විවිධ රටවල් සමග සංස්කෘතික සබඳතා තරකිරීම ද මීට සමගාමීව සිදුකෙරෙනවා. විශ්වරංග ප්‍රධාන මහෝත්සවය මෙවර ඉන්දියාවේ බෝපාල් හි දී පැවැත්වෙන්නේ රටවල් 60 කට අධික කලාකරුවන්ගේ සහභාගිත්වයෙන්.
දෙරට අතර සාහිත්‍යය, කලාව හා සංස්කෘතිය පිළිබඳ සැසි ගණනාවක් මෙවර කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විශ්වරංග පදනම, බෝපාල් හි රවීන්ද්‍රනාත් තාගෝර් විශ්වවිද්‍යාලය සහ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය මෙය සංවිධාන කරන අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයත් මෙහි අරමුණක්.
2026 මාර්තු 11, පෙ.ව. 11:31
2026 මාර්තු 11, පෙ.ව. 11:14
2026 මාර්තු 11, පෙ.ව. 11:05
2026 මාර්තු 11, පෙ.ව. 10:40
2026 මාර්තු 11, පෙ.ව. 10:31