hit counter

2025 ජූලි මස 17 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 17, පෙ.ව. 12:20



අමෙ­රි­කා­වෙන් ඩොලර් මිලි­යන 415ක තෑගි මුද­ලක් ලබා ගැනී­මට යහ­පා­ලන ආණ්ඩුව සමයේ එව­කට අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා කට­යුතු කළත් සම­හ­රුන්ගේ විරෝ­ධය මත එය ක්‍රියා­ත්මක කිරී­මට නොහැකි වූ බව එක්සත් ජාතික පක්ෂ සභා­පති, හිටපු අමාත්‍ය වජිර අබේ­ව­ර්ධන මහතා පැව­සීය.

යක්ක­ල­මුල්ල, කරා­ගොඩ ශ්‍රි දේව­ර­ක්ඛිත විහා­ර­ස්ථා­නයේ පසු­ගිය පොහෝ දින පැවති ඇසළ කලා­පය විවෘත කිරී­මෙන් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

එහිදී අබේ­ව­ර්ධන මහතා මෙසේ ද කීය.

“අද අපේ රටේ ප්‍රධා­නම මාතෘ­කාව බවට පත්වෙලා තිබෙන්නේ අමෙ­රි­කාව අපේ රටට පන­වනු ලැබූ බදු ප්‍රති­ප­ත්තිය ගැනයි. මේ පිළි­බ­ඳව පැහැ­දිලි අව­බෝ­ධ­යක් ඉති­හා­සය පුරාම රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාට තිබුණා. ඒ නිසා එතුමා 2015 පාලන කාල­යේ­දීත්, ඉන්ප­සු­වත් මිලේ­නි­යම් චැලෙන්ජ් කෝප­රේ­ෂන් වැඩ­ස­ට­හන ශ්‍රී ලංකා­වට හඳු­න්වලා දෙන්න උත්සහා කළා.

ඩොලර් මිලි­යන 415 තෑගි මුද­ලක් අමෙ­රි­කා­වෙන් ලබා­ගැ­නී­මට රනිල් වික්‍ර­ම­සිංහ මහතා කට­යුතු කර­මින් සිටි‍යා. ඒ අව­ස්ථා­වේදී විවිධ කණ්ඩා­යම් හැසි­රුණු ආකා­රය මහ­ජ­න­තාව සිහි­පත් කර­ගත යුතුයි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග්‍රා­මා­ත්‍ය­ව­රයා හැටි­ය­ටත්, මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­ප­ති­ව­රයා ලෙසත් සිටි එදා එම කට­යුත්ත ක්‍රියා­ත්මක කරන්න ඉඩ දුන්නා නම් ආසි­යාවේ ප්‍රථම බදු සහ­නය ලැබෙන රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.

දැන් බොහෝ අය කතා වෙනවා අමෙ­රි­කානු බදු සිය­යට 44 සිට සිය­යට 30ක් දක්වා අඩු වුණා කියලා. මම නම් හිතන්නේ මෙය ලජ්ජ විය යුතු කාර­ණ­යක්. මේ වගේ අව­ස්ථා­වක වැද­ගත් වෙන්නේ ජාත්‍ය­න්ත­රයේ හැසි­රීම අව­බෝධ කර­ගත හැකි රාජ්‍ය නාය­ක­යන් රට පාල­නය කිරී­මයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­රයා ඉතා පැහැ­දි­ලිව දන්නවා එදා තෑගි මුදල් දෙන්න යන­කොට මෙහි සම­හරු හැසි­රුණේ කොහොම ද කියලා. “සම­හර අය කිව්වා අනු­රා­ධ­පු­ර­යට යන්න, ත්‍රිකු­ණා­ම­ල­යට යන්න වීසා ගන්න වෙයි කියලා.” දැන් එහි පාඩුව සමස්ත ශ්‍රී ලාංකික මහ­ජ­න­තාව භුක්ති විඳි­මින් සිටි­නවා.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගෝලීය දේශ­පා­ල­නය, ආසි­යාවේ දේශ­පා­ල­නය පිළි­බඳ අව­බෝ­ධ­යක් තිබෙන නිසා මෙවැනි තත්ත්ව­ය­කට කල්වේලා ඇතිව සූදා­නම් වීමට ක්‍රියා කළා. නමුත් එය කඩා­ක­ප්පල් කළා. දැන් සාකච්ඡා මාර්ග­යෙන් හරි මහ­ජ­න­තාව ආරක්ෂා කිරීම සඳහා පිය­වර ගත යුතුව තිබෙ­නවා.

මෙය කලින් ක්‍රියා­ත්මක කර තිබුණා නම් අද මේ දිනුම ලබා­ගන්නේ විය­ට්නා­මය හෝ ආසි­යාවේ වෙන රටක් නෙමෙයි. එසේ වූවා නම් ආසි­යාවේ බල­වත්ම රට වෙන්නේ ශ්‍රී ලංකා­වයි. අපෙත් වර­දක් තිබෙ­නවා. මෙය ජන­තා­වට තේරෙන ආකා­ර­යට තේරුම් කර දෙන්න අපට බැරි වුණා. කොහොම හරි මහ­ජ­න­තාව සත්‍ය අව­බෝධ කර­ගත්තේ නැහැ. ප්‍රශ්න ඇති වෙන්න කලින් මේ ප්‍රශ්න විස­ඳන්න පුළු­වන් රාජ්‍ය තාන්ත්‍රි­ක­යන් ඉවත් කරලා අද මහ­ජ­න­තාව දුක් විඳි­නවා.

යක්ක­ල­මුල්ල ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ආනන්ද කාරි­ය­ව­සම් මහ­තාත්, ප්‍රදේ­ශය නියෝ­ජ­නය කර­මින් මහ­ජන නියෝ­ජි­ත­යන් රැසක් සහ ප්‍රදේ­ශ­වා­සීහු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භා­ගිව සිටි­යහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: