hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජූනි 29, පෙ.ව. 12:09



වලල්ලාවිට ප්‍රාදේශිය සභා සභාපති තේරීමේ ඡන්දයේ දී ජාතික ජන බලවේග අපේක්ෂකයාට රු. ලක්ෂ 15ක මුදකට ඡන්දය ලබා දීමට පොරොන්දු වූ සභික කාන්තාවක් අදාළ ගිවිසුම අනුව කටයුතු නොකිරීම නිසා අර්බුදයක් නිර්මාණය වී තිබේ.

සමගි ජනබලවේග මොරටුව ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක ප්‍රකාශ කරන පරිදි ඒ සඳහා අදාළ සභික කාන්තාව රු. ලක්ෂ 5ක අත්තිකාරමක් ද ලබා ගෙන ඡන්ද ප්‍රකාශ කොට ඇත්තේ මාලිමා අපේක්ෂකයාට විරුද්ධවය.

එබැවින් මුදල් ලබාදුන් පාර්ශ්වය අදාළ සභික කාන්තාව තමන්ට ඡන්දය නොදුන් බව නිසා එම මුදල් නැවත එම ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කරයි.

නිරෝෂන් පාදුක්ක මේ බව සඳහන් කළේ සජබ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙම සභික කාන්තාව ඡන්දය මාලිමාවට ලබාදී නොමැති බව තහවුරු කරගෙන තිබෙන්නේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඡන්ද පත්‍රිකාවේ පසුපිට දක්වා ඇති අංකයක් අනුව බව ද නිරෝෂන් පාදුක්ක පවසයි