hit counter

2025 ජූනි මස 16 වන සඳුදා

2025 ජූනි 17, පෙ.ව. 12:09



ආණ්ඩුවට බිම් මට්ටමේ යම් අප්‍රසාදයක් තිබෙන බව මිනිස්සුත් සමග කතා කරන විට පැහැදිලි වන්නේ යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමි පවසයි.

“නිෂ්පාදන ආර්ථිකයක් හදන්නේ නැතිව රට ගොඩනඟන්නේ බෑ. දැන් අපි හැම පැත්තෙන්ම බැට කාලා බැට කාලා, ආර්ථික වශයෙන් වැටිලා තියෙන රටක්. ජීවන වියදම දවසින් දවස මොහොතින් මොහොත ඉහළ යනවා. බෙහෙත් ටිකක් ගන්න ගියාම අද පැනඩෝල් එක රුපියල් දහයට තිබිච්ච එක හෙට රුපියල් 100යි. එවැනි තත්ත්වයකට පත්වෙලා. පොල් ගෙඩියක් අද රුපියල් 150යි 200යි. හාල් කිලෝ එකක් ඒ වගේම ගණන්. ඉතින් දුප්පත් මිනිස්සු තමයි මේ රටේ බහුල වශයෙන් ජීවත් වෙන්නේ.

ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරන්නේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න. අපිට නිෂ්පාදන කෘෂිකාර්මික ආර්ථිකයක් හදන්නේ නැතිව රට ගොඩනඟන්න බෑ. සංචාරකයො එන යන එක දිහා බලාගෙන ඩොලර් මත්තේ මැරිලා මේ වැඩේ කරන්න බෑ. ඒකත් හරියට තාම ක්‍රියාත්මක නෑ. මොකද දැන් ඕෆ්සීසන් එක සංචාරකයො එන්නේ නෑ. අපට වැඩපිළිවෙළක් අවශ්‍යයි, ඕෆ්සීසන් එකෙත් සංචාරකයෝ ගෙන්නා ගන්න.

සංචාරකයන් ගැවසෙන ස්ථාන සංවර්ධනය කරලා යටිතල පහසුකම් ටික සංවර්ධන කරලා ඒවාට අවශ්‍ය කරන පහසුකම් ටික දීලා ඒවා විධිමත් කරන වැඩපිළිවෙළක් තාම මම හිතන්නේ හරියට ක්‍රියාත්මක වෙලා නෑ. දැන් කර්මාන්තශාලා වැටිලා. මේවා පවත්වාගෙන යන්න බෑ. බැංකු පොලිය බදු නැතුව රට පවතින්නත් බෑ. හැබැයි නිෂ්පාදන ආර්ථිකයක් නැතුව මිනිස්සුන්ගෙන් බදු ගහලා කොහොමද? බදු ගහලා මේ රට ගෙනියන්න බෑ. බදු මත්තේ විතරක් මැරිලා මේ කටයුතු කරන බෑ. තවත් විවිධ ආදායම් මාර්ග මේ රටට උත්පාදනය කරගන්න. ඩොලර් සපයා ගන්න ක්‍රමවේදයන් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කළොත් පමණයි මේ රට ආර්ථික අතින් ලස්සන යහපත් රටක් බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කළ යුතුයි.”

වනවාසී රාහුල හිමි මේ බව ප්‍රකාශ කළේ 15 වෙනිදා පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: