2023 මැයි 17, ප.ව. 5:49
යුද්ධය අවසන් වී වසර 14ක් පිරීම සහ අවසන් යුද්ධය හේතුවෙන් යුද්ධයට මැදිව මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් විශේෂ යුද සැමරුමක් හෙට (18) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට ඇති යුද සැමරුම් ස්මාරකය අසලදී පැවත්වෙන බව වාර්තා වෙනවා.
මුල්ලිවයික්කාල්හි යුද්දයෙන් මියගිය ඥාතීන්ගේ සංගමය, දෙමළ සංස්කෘතික සභාව, සිවල් සංවිධාන සංවිධානත්වයෙන් මෙම යුද සැමරුම් උත්සවය පවත්වන අතර මේ සඳහා යුද්දයෙන් පීඩාවන්ට පත් සියලු ජනතාවට හෙට උදෑසන මුල්ලිවයික්කාල් මුහුදු සීමාවට පැමිණෙන ලෙසටද ආරාධනා කොට තිබෙනවා.
හෙට දිනයේදී උතුරු පලාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව්හි නැවත් පදිංචි වූ යුද්දයෙන් මිය ගිය අයගේ ඥාතීන්, යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, දේශපාලන නියෝජිතයින් මෙන්ම ආගමික නායකයින්ද මුල්ලි වයික්කාල් යුදසැමරුම් අවස්ථාව සඳහා සහභාගී වෙන බව වාර්තා වෙනවා.
යුධ සැමරුම් අවස්ථාවට සහභාගී වන සියලු දෙනා මුල්ලි වයික්කාල් භූමියේ ඉදිකොට ඇති යුධ සැමරුම් ස්මාරකයට මල්පහන් දල්වා පූජා කොට මිය ගිය ඥාතීන් වෙනුවෙන් සෙත් ශාන්ති පැමිණවීම සිදු කරනු ලබනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06