2023 මැයි 18, ප.ව. 9:07
දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති සාපකාරී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 14ක් සපිරෙනවා.
යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර කොළඹදී නොසන්සුන්තාවයක් ඇතිවුණා.
මෙම සැමරුමට සමගාමීව බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට වටරවුමේදීද සැමරුමක් පැවැත්වීම සඳහා අද පෙරවරුවේ පිරිසක් පැමිණ සිටියා.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්යන් රාසමාණික්කම් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
කෙසේ වෙතත් සැමරුම ආරම්භයේදී එම ස්ථානයට පැමිණි තවත් කණ්ඩායමක් ඊට විරෝධය පළ කළා.
පොලිසියද එම ස්ථානයට පැමිණි අතර එහිදී දෙපාර්ශවය අතර නොසන්සුන්තාවක් හටගත්තා.
නොසන්සුන්තාව අතරතුරම තවත් පිරිසක් පහනක් දල්වමින් එම ස්ථානයේ සැමරුම පැවැත්වූවා.
පසුව පොලීසිය හා කැරලි මර්ධන ඒකකය එක්ව දෙපිරිස එම ස්ථානයෙන් විසුරුවා හැරියා.
මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරු 4.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
2025 මාර්තු 28, පෙ.ව. 12:29
2025 මාර්තු 28, පෙ.ව. 12:22
2025 මාර්තු 28, පෙ.ව. 12:21
2025 මාර්තු 28, පෙ.ව. 12:16
2025 මාර්තු 28, පෙ.ව. 12:14