hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 15, ප.ව. 1:04



ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඩුබායි සහ ප්‍රංශයේ සිට වෙඩි ප්‍රහාරය සැලසුම කළ බවට හඳුනාගෙන සිටින මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පතාල අපරාධකරුවන් සිව්දෙනෙකුගේ ජංගම දුරකතන අංක 4 ක් ඔස්සේ මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කරයි.

මෙම ප්‍රහාරය මෙහෙය වීමට යොදා ගත් ජංගම දුරකතන අංක 4 මේ වන විට විශ්ලේෂණය කරමින් එම විමර්ශන සිදු කෙරේ.

මෙම දුරකතන අංක හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදීය.

එම සැකකරුවන්ට ඩුබායි සහ ප්‍රංශයේ දුරකතන අංකවලින් ඇමතුම් ලබා දෙමින් ඔවුන්ව එම ප්‍රහාරයට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා මෙහෙයවා තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එයට අදාළ දුරකතන අංක හඳුනාගෙන මේ වන විටත් විශ්ලේෂණ කටයුතු සිදුකරන බවත් ඉදිරි විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට සිදුවනු ඇති බවත් එම නිලධාරියා කීය.

ප්‍රංශයේ දුරකතන අංකයකින් ඩුබායි සිට ඇමතුම් ගෙන ඝාතනය මෙහෙයවූ පොතාල අපරාධකරුවකු ගැන තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් ඇතැයිද එම නිලධාරියා කීය.

එම ප්‍රහාරයේ වෙඩික්කරුවන් දෙදෙනා තවමත් රටින් පලා ගොස් නැති බව විශ්වාස කරන බවත් ඔවුන්ව හඳුනා ගැනීම සඳහා කොටු කර ගැනීමටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් දිවා රෑ නොතකා වෙහෙසෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: