hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 මැයි 19, පෙ.ව. 8:04



අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද(19) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිදුකළ විරෝධතාවය අතරතුරදී පොලීසිය විසින් මෙම පිරිස ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අයුතු ජනරාශියක සාමාජිකයින්ව සිටිමින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවය සමඟ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පෙන්වා දෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවය.