2026 මාර්තු 09, පෙ.ව. 12:09
අප්‍රේල් මාසය අවසන් වන තෙක් මෙරට ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
එමෙන්ම ගෑස් සැපයුම ද කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ වසර සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 380,000ක් ලබාදීමට අදාළ සමාගම් එකඟ වී ඇති අතර, නෞකා ගමනාගමනය සහ සැපයුම් ජාලය සම්බන්ධයෙන් දැනට කිසිදු ගැටලුවක් නොමැති බව එම සමාගම් රජයට දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා ගමනාගමනයට බාධා ඇති වුවහොත්, ඒ හරහා ලෝක වෙළෙඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ යාමේ බලපෑමක් මෙරටට එල්ල විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එවැනි ගෝලීය තත්ත්වයක් තුළ මිල ඉහළ යාමක් සිදු වුවහොත් මෙරට තෙල් සහ ගෑස් මිල ගණන්වල ද වෙනසක් කිරීමට සිදු විය හැකි බව ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳව රජය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත්, පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයාට උපරිම සහනයක් සැලසෙන පරිදි කටයුතු කිරීම රජයේ අරමුණ බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
2026 මාර්තු 09, ප.ව. 1:26
2026 මාර්තු 09, ප.ව. 1:24
2026 මාර්තු 09, ප.ව. 12:23
2026 මාර්තු 09, ප.ව. 12:17
2026 මාර්තු 09, පෙ.ව. 12:27
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26