hit counter

2024 දෙසැම්‍බර් මස 25 වන බදාදා

2023 අගෝස්‍තු 12, ප.ව. 2:15



ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානිය ජලය සපයා ගැනීමට නොහැකි පළාත්වල ජනතාවට බව්සර් මගින් පානීය ජලය සපයයි.

ආපදා කලමනාකරණ නිලධාරීන් සඳහන් කළේ එම සැපයුම් සදහා ද ජලය සොයා ගැනීමට යාපනය හා කිළිනොච්චි වැනි දිස්ත්‍රික්කවල ජල උල්පත් ළිං හෝ වෙනත් ජල උත්පාදන ස්ථාන නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයක් තුළ ජලය අරපිරිස්මැන් භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.