hit counter

2026 ජනවාරි මස 25 වන ඉරිදා

2026 ජනවාරි 26, පෙ.ව. 12:05



පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකිරීමේදී රුපියල් 70 කට විකිණීමට තිබූ 500 mlක පානිය ජල බෝතල් 4ක් රුපියල් 90ට සහ 100 කට අලෙවි කිරීම මත සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අත්අඩංගුවට පත් කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳසැල් හිමිකරුට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහතා නියෝග කළේය.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ මෙම සැකකරු විසින් වරදක් කර ඇති බව විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වුවා.

පාලන මිලට වඩා වැඩි මිලට වතුර බෝතල් විකිණීම වළක්වාලමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී වැඩි මිලට වතුර බෝතල් විකුණන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එවැනි ස්ථාන පිළිබඳව වැටලීමට කඩිනමින් පියවර ගෙන ඇති බවද විමර්ශන නිලධාරී වූ අධිකරණයට කරුණු දැක්වීය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: