hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජනවාරි 06, පෙ.ව. 8:16



කොළඹ ප්‍රදේශ රැසකට ලබන අද (06) සිට හෙට (07) දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඒ, කොළඹ 1, 2, 3, 4, 7, 9, 10 සහ 11 යන ප්‍රදේශවලටයි.

ඒ අනුව ලබන අද රාත්‍රී 10.00 යේ සිට හෙට පස්වරු 04.00 දක්වා ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මාළිඟාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළ ව්‍යාපෘති මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් මෙම ජල කප්පාදුවට හේතුවයි.