2023 මැයි 23, පෙ.ව. 10:56
ජල බිල්පත් නොගෙවීම නිසා ජල පාරිභෝගිකයන් අනූපන් දහසකගේ ජල සැපයුම සහ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වූ රටේ ජනතාවගෙන් සියයට විසිදෙකකගේ පමණ විදුලිය සැපයුම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ලංකා විදුලි බල මණ්ඩලය මඟින් විසන්ධි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසුවා.
අනුරාධපුර පුදබිම වන්දනා කර ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රුවන්වැලි මහ සෑය අබියසදී පෙරේදා (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළා.
“ආණ්ඩුව පසුගිය 15 වැනිදා රුපියල් බිලියන එකසිය අසූ නවයක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළා. ඒ වගේම පසුගිය මාස දොළහක කාලය තුළ මේ ආකාරයෙන් රුපියල් ට්‍රිලියනයක් මුදල් මුද්‍රණය කර තිබෙනවා. මෙහෙම ගියොත් මුදල් නෝට්ටුවල කිසිම වටිනාකමක් නැති වෙනවා. ඒ අනුව රටේ ආර්ථික තත්ත්වය කෙතරම් ගැටලු සහගත තත්ත්වයකද තියෙන්නේ කියල මෙයින් පෙනී යනවා.ඒ වගේම මේ රටේ ජනතාවගෙන් අය කරන බදු සියයට දෙසීයකින් වැඩි වී තිබෙනවා. එම ආදායම සම්පූර්ණයෙන්ම රජයට ලැබෙන්නේ. තව වසර හතරක් ගතවන විට බදු බර හතරෙන් තුනක ගුණයකින් වැඩි වෙනවා. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සැලසුම් සහගතව ඉටු කරන බවක් අපට පේන්නේ නෑ.
මේ වන විට ජනතාව කටුක ජීවිතයක් අත්විඳිනවා. මේ අතර මේ වන විට ජල බිල්පත් නොගෙවීම නිසා ජල පාරිභෝගිකයන් අනූපන් දහසකගේ ජල සැපයුම විසන්ධි කර තිබෙනවා. විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වූ රටේ ජනතාවගේ සියයට විසි දෙකක පමණ විදුලිය සැපයුම ලංකා විදුලි බල මණ්ඩලය මඟින් විසන්ධි කර තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල එක මාසයක සිට ඊළඟ මාසය වනවිට විදුලි බිල තුන් ගුණයකින් වැඩි වුණා. විදුලිය හා ජලය දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල්. ඒ තත්ත්වය තුළ ලබන සැප්තැම්බර් මාසය වනවිට මේ සියලු ආර්ථික ප්‍රශ්න විසෙදනව කියල කවුරු හරි කියනවනම් එක සිහිනයක් මිස යථාර්ථයක් නොවේ.”
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08