2025 මැයි 23, පෙ.ව. 12:04
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියේ විදුලි බිල වැඩි වුහහොත් ඊට සාපේක්ෂව ජල බිලද සංශෝධනය කිරීමට සිදුවනු ඇති බවයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි
එසේ වුවහොත් සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට ඊට අනුමැතියද ලබා ගැනීම සිදුවන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම හෙට ආරම්භ වනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළේ, එය ලබන මස 03 වනදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි සිදුවන බවයි.
ඒ අනුව ජූනි මස පළමුවැනිදා සිට විදුලි ගාස්තු සියයට 18.3කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට පසුගියදා යොමු කර තිබුණා.
මෙහිදී ඒ පිරිවැය ආවරණය වන පරිදි කඩිනමින් විදුලි ගාස්තු ගැළපීමක් සිදුකළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබූ පසුබිමකයි. ඒ අනුව මාසික විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 60ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ ඒකක බින්දුවේ සිට 30 දක්වා රුපියල් 04ක්ව පැවති ඒකක ගාස්තුව රුපියල් 4.75 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
එසේම රුපියල් 75ක්ව පැවති එහි ස්ථාවර ගාස්තුව රුපියල් 90 දක්වා රුපියල් 15 කින් ඉහළ නැංවීමටද යෝජිතයි.
මීට අමතරව ඒකක 31 සිට 60 දක්වා ඒකක මිල රුපියල් 06 සිට රුපියල් 7 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට 235 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා වී තිබෙනවා.
විදුලිබල මණ්ඩලය විසින් මාසික විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 60 ඉක්මවන ගෘහස්ථ කාණ්ඩයේ ඒකක බින්දුවේ සිට 60 දක්වා ඒකකයක මිල රුපියල් 11 සිට රුපියල් 13 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇත.
ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක්ව පැවති ඒකක මිල රුපියල් 16.60 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත්තේ එහි ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 475 දක්වා ඉහළ දමමින්.
මීට අමතරව කර්මාන්ත, හෝටල් හා රාජ්‍ය හා පොදු ආයතන සඳහා වන විදුලි ගාස්තු ද ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
එසේම වීදි ලාම්පු සඳහා ඒකකයකට අයකළ රුපියල් 45ක ගාස්තුව රුපියල් 53.25 දක්වා ඉහළ දමා ඇති අතර ආගමික සිද්ධස්ථාන සහ පුණ්‍ය ආයතන සඳහාද මෙවර විදුලිය ගාස්තු සංශෝධයෙන් ගාස්තු ඉහළ දැමීමටයි මණ්ඩලය යෝජනා කර ඇත්තේ.
2025 මැයි 23, පෙ.ව. 12:24
2025 මැයි 23, පෙ.ව. 12:20
2025 මැයි 23, පෙ.ව. 12:09
2025 මැයි 23, පෙ.ව. 12:09
2025 මැයි 23, පෙ.ව. 12:07
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25