2023 මාර්තු 09, පෙ.ව. 3:19
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින්වි විට හමන පැ.කි.මී. (40 -50) ක් පමණ වන තරමක් තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2025 මැයි 23, පෙ.ව. 10:24
2025 මැයි 23, පෙ.ව. 10:03
2025 මැයි 23, පෙ.ව. 12:24
2025 මැයි 23, පෙ.ව. 12:20
2025 මැයි 23, පෙ.ව. 12:09