hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 14, ප.ව. 4:38



ධාරාණිපාත වර්ෂාවත් සමග ගිංගගේ තවලම ප්‍රදේශයේ ජල මට්ටම පැයකට  අඩි දෙකක පමණ  වේගයකින් වැඩිවන බැව් ගිංගග වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසංජලි ද සිල්වා මහත්මිය සදහන් කළා.

අද (14) පස්වරු 1.00 පමණ වනවිට ගිංගගේ තවලම ජලමාපකයේ ජල මට්ටම මිටර් 4.92 ක් සටහන්ව තිබු බව සදහන් කළ ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරිය  තවලම ප්‍රාදේශයේ පහත්බිම් ජලයෙන් යටවි ඇති  බවද සදහන් කළා.

තවලම හා බද්දේගම ජලමාපකවල ජල මට්ටම පුර්ව අනතුරු ඇගවිම මට්ටමට වඩා ඉහලින් පවතින බව  ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරිය පැවසුවා.

වර්ෂාව තවදුරටත් පැවතියහොත් තවලම  ප්‍රදේශයේ ජල මට්ටම තවත් ඉහල ගොස් ගංවතුර තත්වයක් නිර්මානය විය හැකි බවද වාරිමාර්ග ඉංජිනේරුවරිය වැඩිදුරටත් සදහන් කළා.