hit counter

2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:00



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (02) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුම්දෙනවා.

කෙසේවෙතත් දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බැවින් අද දින දහවල් 12:10 ට හබරන, හිගුරක්ගොඩ, ඉපලෝගම සහ තබ්බෝව ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: