2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:00
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් ඊයේ දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම රත්නපුරය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි වනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති. උතුරු , උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
2026 මාර්තු 10, ප.ව. 3:20
2026 මාර්තු 10, ප.ව. 3:17
2026 මාර්තු 10, ප.ව. 3:01
2026 මාර්තු 10, පෙ.ව. 10:22
2026 මාර්තු 10, පෙ.ව. 9:45
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
27-02-26
27-02-26