2024 නොවැම්බර් 28, ප.ව. 12:25
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 05.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ ඊසාන දෙසින් ස්ථාපිතව තිබුණා.
එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකියි.
දිවයිනේ උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි. මී.150ට වැඩි ඉතා තද වැසි ද ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇති විය හැකියි.
උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව නිවේදනය කර තිබෙනවා.
උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 60-70ක පමණ ඉතා තද සුළං ඇතිවිය හැක.
එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:53
2024 නොවැම්බර් 28, පෙ.ව. 12:08
2024 නොවැම්බර් 28, පෙ.ව. 12:07
2024 නොවැම්බර් 28, පෙ.ව. 12:06
2024 නොවැම්බර් 28, පෙ.ව. 12:06
28-11-24
28-11-24
28-11-24
28-11-24
27-11-24
27-11-24
26-11-24
26-11-24
25-11-24
25-11-24
24-11-24
24-11-24
23-11-24
23-11-24
22-11-24
22-11-24
21-11-24
21-11-24
20-11-24
20-11-24
19-11-24
19-11-24
19-11-24
19-11-24